මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අදයි


(චමිල් රුපසිංහ)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ  තෙවන රන්දෝලි පෙරහර අද (12)  7.10 ට නිරිත දිශාමුඛව ගමන් ආරම්භ විය.

පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය), හරස් වීදිට ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළටවිත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදිමට නියමිතය.

පෙරහරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කරණු ලබූහ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  හතරවන රන්දෝලි පෙරහැර හෙට (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් අරඹා පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජ විදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවිදීමට නියමිතය.