මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද


(චමිල් රූපසිංහ)

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (06) රාත්‍රී 7.00 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.

පෙරහැර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, ත්‍රිකුණාමලය වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළටවිත් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දින කුඹල් පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන ලද්දේ සිංහ රාජා හස්තියා මතිනි. දැලේ ඇතුන් ලෙස  බුරුම රාජා, මියන්රාජා යන හස්තීහු ගමන් කළහ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව දැඩි ආරක්ෂක තත්ත්වයක් මහනුවර නගරයේ පැවති අතර පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා වෙනදා මෙන්ම විශාල පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ ද මේ අතර විශාල ප්‍රමාණයක් රැඳී සිටියහ.