මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහර අදයි


(චමිල් රූපසිංහ)

ඇසළ පෙරහර මංගල්‍යයේ හතර වන කුඹල් පෙරහැර අද (08) රාත්‍රී 6.50 ට වයඹ දිශාමුඛව ගමන් ආරම්භ විය.

පෙරහර දළදා වීදිය(වෝඩ් වීදිය), ඊ.එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,ඔස්සේ රජ විදියෙන් ශ්‍රී දළඳා මාළිගාවට පිවිසීමට නියමිතය.

පෙරහරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසින් වන අතර දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා සහ මියන් රාජා ගමන් කළහ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් හෙට (09) රාත්‍රී 7.45 ට දකුණු දිශාභිමුඛව වීදි සංචාරය කරණු ලැබීමට නියමිත වන අතර පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර විදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීමට  නියමිතය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  ප්‍රථම රණ්දෝලි පෙරහැර ලබන (10) දා රාත්‍රී 6.23 ට දකුණු දිශාමුඛව සිව් දේවාලයන්හි රන්දෝලි බහා 7.32  දකුණු දිශාමුඛව රන්දෝලි පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), ඩි.එස් සේනානායක විදිය(ත්‍රිකුණාමල වීදිය), පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය(ශ්‍රීමත් බෙනට්  සොයිසා විදිය), ඊ.එල් සේනානායක විදිය(කොටුගොඩැල්ල වීදිය), රජ විදිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදිමට නියමිතය.