(ෂේන් සෙනෙවිරත්න)
මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 මට්ටමේ පැවැති බව මහනුවර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය .
හොර ඡන්ද දැමීමට උත්සාහ කිරීම් හෝ එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් සවස 4.15 පමණ වන විට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කළ බවත් තැපැල් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රිය පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවද පැවසීය .
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඡන්දපොළ රාජකාරී සඳහා නිලධාරීන් 8600 ක් පමණ අද වූ බවත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරින් 4600 ක් පමණද මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 14,000 ක් පමණ යෙදවූ බවද පැවසීය .