මහපාරද උරුම ලේ කිර කළ මවට


දස මස පිහිට සලසා නව             උපතකට

දිවියෙම  සවිය දියකර දහදිය            ගතට

බිහි කළ දූ පුතුන් වැඩ ඇති රට          දැයට 

මහපාරද උරුම ලේ කිරි කළ            මවට - පද ආරියසේන හඳුවල

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

උදුවප් පොහොය දින පානදුර නගරයේ අතරමංකර මහ මග දමා ගොස් සිටී මව්වරුන් තිදෙනකු හමුවූ බව පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතා කීය.

70,78 සහ 85 වියැති වදුරම්මුල්ල , හොරණ සහ කොළඹ ප්‍රදේශවල පදිංචි කතුන් තිදෙනකු මෙලෙස හමුවූ බව පානදුර දකුණ පොලිසිය සදහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හදුනා ගැනීමට නොහැකිව ඇතැයිද පැවසේ.

වදුරම්මුල්ල ප්‍රදේශයේ කාන්තාවක නිවසට ගොස් ඇරලවූ බවත්, අනෙක් කාන්තාව හෙට දිනයේ වැඩිහිටි නිවාසයකට යොමුකිරීමට නියමිත බවත්, කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාව අසනිප තත්ත්වයේ පසුවූ බැවින් පානදුර මූලික රෝහලට ඇතුලත් කල බවත් පොලිසිය පවසයි.