මහරගම නගරසභාව උණුසුම් වෙයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කොට , ගෙවීම , විනිවිදභාවයෙන් තොර ව සිදුවූවක් බව පවසමින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ,මහරගම නගරාධිපතිවරයාට එල්ල කළ චෝදනාවක් හේතුවෙන් , උණුසුම් වූ මාසික මහා සභා රැස්වීම , පැය භාගයක් ඇතුලත අවසන් කිරීමට , මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා (24) පියවර ගත්තේය .

මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් කෙනකු,ස්වාධීන මන්ත්‍රීවරයකු,සහභාගි වූ අතර ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් , නමදෙනා ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා විරෝධතාවට සහභාගි නොවීම විශේෂ කරුණක් ලෙස දක්නට ලැබුණි .

මෙම විරෝධතාවට හේතුවූයේ මහරගම පමුණුව ප්‍රදේශයේ පෙරමුසු අංගනයක්  ඉදිකිරීමට පසුගිය මහා සභාවේ දී , රුපියල් ලක්ෂ 19ක යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර , ඊට ,පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධතාව හේතුවෙන් , ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් අඩුකොට , රුපියල් ලක්ෂ 13 ක් ගෙවා තිබීම බව පැවසේ.

එසේම ඉදිරිපත් කර තිබූ එම යෝජනා රතු පෑනෙන් කපා කොටා මකා දමා ඉදිරිපත් කිරීම විනිවිද භාවයෙන් තොරව සිදු වූවක් බැවින් මේ තුල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පවසමින් මන්ත්‍රීවරු මෙසේ විරෝධතාවය නියැලුණහ .