මහවැලි ව්‍යවසායකත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්


"මහවැලි  ව්‍යවසායකත්ව ජනාධිපති  සම්මාන උළෙල 2019 " ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (01) සවස පැවැත්විණි.

එහිදී හොඳම මහවැලි  ව්‍යවසායකයා ජනාධිපති  රන් සම්මානය  නව  රත්න  සමූහ  ව්‍යාපාරයේ  සභාපති  ලංකේශ්වරගේ මිත්‍රපාල මහතා  සහ  හොඳම  මහවැලි ව්‍යවසායකයා  ජනාධිපති  රිදී  සම්මානය  ෆොරස්ට් රොක්  ගාඩින්  රිසෝට්  කළමනාකරණ අධ්‍යක්ෂ  බාලදුරගේ චන්ද්‍රසිරි,හොඳම මහවැලි ව්‍යවසායකයා ජනාධිපති ලෝකඩ  සම්මානය  එල්ලාවල  හෝර්ටිකල්චර් පෞද්ගලික සමාගමේ  අධ්‍යක්ෂක  සුරේෂ්  එල්ලාවල  යන මහත්වරු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අතින් සම්මාන  ලබාගත්හ.

මෙම  අවස්ථාවට  මහවැලි  සංවර්ධන  හා පරිසර  රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, අමාත්‍යාංශයේ ලේකම්   අනුර දිසානායක, හිටපු අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා  යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)