මහවැලි ගං කොමළිය සිඳි යයි


(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති කාලගුණය  හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහළට ගොස් ඇත.

පොල්ගොල්ල ජලාශයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම නිසා ගඟට ජලය මුදා හැරීම අවම වී ඇති බැවින් මෙලෙස ගඟේ ජල මට්ටම අඩු වීමට හේතුවී ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.

මේ හේතුව නිසා වික්ටෝරියා, රන්දෙණිගල රන්ටැඹේ යන විදුලි බලාගාර වෙත යැවෙන ජලයද අඩු වී ඇති නමුත් ඉදිරි දිනවල වැසි අපේක්ෂා කරන බැවින් ජලය ලැබීමේ හැකියාව පවතින බවද එම නිලධාරියා කීය.