මහවැලි ගං දියේ ගසාගෙන ගිය අලි පැටවා බේරාගනී


(නිමල් ජයරත්න)
 
මහවැලි ගඟේ සැඬ පහරට හසුව ගසාගෙන ගිය අලි පැටවකු අද(18) මනම්පිටියේ වැලි ගොඩ දමන කම්කරුවෝ පිරිසක් බේරාගෙන වනජීවි නිලධාරීන්ට  බාරදුන්හ.
 
ගල් මුල් වල ගැටී සීරීම්වලින් තුවාල ලබා සිටි මෙම අලි පැටවා සති දෙකක පමණ වයසැතිය.
 
අලි රංචුවෙන් අතරමංව මහවැලි ගඟේ ගසාගෙන එන්නට ඇති බවට සැකකරන  අලි පැටවා මනම්පිටිය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලයට බාරදුන් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක පී. ඩී. එස්. ශාන්ත මහතා පැවසීය.