මහා පරිමාණ මුදල් වංචා කළ චීන ජාතිකයෙකු පිටුවහල් කරයි


( ටී.කේ.ජී.කපිල )

චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර  ජාත්‍යන්තර පොලිසියෙන් නිල්  වරෙන්තු   ලක්වී සිටි , චීන ජාතිකයෙකු  කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ .

28 හැවිරිදි මෙම චීන ජාතිකයා , එරට මහා පරිමාණ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් , චීනයට අවශ්‍යව සිටි පුද්ගලයෙකි .

මොහු ඉකුත් 03 දින මාළදිවයින සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබුණි .