මහාචාර්ය ඒකකය ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතා


(දිනේෂ් උපේන්ද්‍ර, නන්ද එස් ඒකනායක සහ  රවීන්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ )                          
    
කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හා ප‍්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.
අනතුරුව විරොධතාකරුවන් පාගමනින් කුලියාපිටිය නගර මධ්‍යට පැමිණ සිය විරෝධතාව සිදුකළහ.   

2019 වසරෙහිදී එම ඒකකයට මුල්ගල් පවා තබා ඇති අතර එම ඒකකය රැගෙන ඒමට කටයුතු කළ එවකට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාද අදාළ උද්ඝෝෂණයට එක්ව සිටියේය.

රුපියල් බිලියන 17ක් වෙන් කර බවත් ඊට මුදල් අමාත්‍යංශයෙන් අදාළ සියලු වියදම් අනුමත කරගත් බව පැවසීය.
කෝටි ගණනක් වැය  කරමින් තට්ටු නවයේ හා පහළවේ ගොඩනැගිළි සඳහා සියලු කටයුතු නිමකොට ලක්‍ෂ හතලිහක් වෙන කරමින් පාංශු පරීක්‍ෂාවන් පවා කළ බව ද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය

කුලියාපිටියට ලැබී ඇති සම්පත රැක දෙන්නැයි පක්ෂ බේදයකින් තොරව උද්ඝෝෂණයට එක් වූ  පිරිස රජයෙන් ඉල්ලා සිටියහ.