මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ


(ඡායාරූප - ළහිරු හර්ෂණ)

(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඔහුගේ  නිවසේ දී පවුලේ ඥාතීන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ගංගානාත් මහතා ජපානයේ හිටපු  ශ්‍රී ලංකා තානාපතිවරයකු සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ලෙස කටයුතු කළේය.

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා කෙටි කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 වැනි දා අභාවප්‍රාප්ත විය.

පසුව ඔහුගේ දේහය මත්තේගොඩ සම්බුද්ධි වත්තේ  අංක 240 /3/A හි පිහිටි, නිවසට ඊයේ (12) උදෑසන රැගෙන ආ අතර ,එම අවස්ථාවේ සිට  ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසක්  නිවසට  පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ ,හිටපු කථානායක කරූ  ජයසූරිය ,තිස්ස අත්තනායක ,මංගල සමරවීර නලින් බණ්ඩාර ,පාඨලී චම්පික රණවක ,ගයන්ත කරුණාතිලක ,රංජිත් මද්දුම බණ්ඩාර ,ඇතුළු දේශපාලඥයින්  කලාකරුවන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,දෙස් විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් විශාල පිරිසක් සිටියහ .

පිරිස පංච පංචශීලයේ පිහිටුවා මූලික ආගමික වතාවත් මත්තේගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිකරි,රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ චන්දානන්ද  ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ හා ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ පැවිදි අනුශාසනා පැවැත්වූහ.