මහින්ද : ගෝඨාභය සෝමාවතීය - දිඹුලාගල වැද පුදා ගනිති


(නාලක සංජීව දහනායක)

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු අද (19) පෙරවරුවේ දී ඓතිහාසික පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූහ.

එහිදී ඔවුහු සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ, කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ බැහැදැක ආශීර්වාද ලබාගත්හ.

මේ අතර ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැදපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්හ.

ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව බුද්ධ මන්දිරය වෙත ගොස් තෙරුවන් වැදපුදා ගැනිමෙන් අනතුරුව වත්මන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් බැහැදැක ආශිර්වාදයද ලබා ගත්තේය.

 (ඡායාරූප - නිමල් ජයරත්න)