මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරි අරඹයි


 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ නිල වශ‍යෙන් අද (22)  රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණි ලොකුගේ, ඩලස්  අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අළුත්ගමගේ, ආනන්ද අළුත් ගමගේ යන මන්ත්‍රීවරු සහභාගි වූහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)