මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති


 

(එම්.කේ.නන්දසේන , නෙල්සන් පියරත්න සහ කේ.ඩි.දේවප්‍රිය)

 

රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධය පළ කරමින් නිතිවිරෝධි දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්.තෙන්නකෝන් නිලමේ මහතා ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු හා ආධාරකරුවෝ පිරිසක් අද (02) කතරගම මහ දේවාලය අබියසදී කන්නලව් කොට පොල් ගැසූහ.

ඔවුනට දඬුවම් දෙන ලෙසද එම පිරිස ඉල්ලා සිටියහ.    

මෙම අවස්ථාවට කිවුල ශ්‍රී බෝධිරාජාරාමාධිපති , පල්ලේගම විමලරත සහ බැරගම නන්දසිරි යව හිමිවරු ද , පළාත් සභා මන්ත්‍රීවරුන් වන සුනිල් සේනානායක ,ලාල් චන්ද්‍රසිරි මහත්වරු ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.      

මෙම අවස්ථාවේ රට බේරාගත් නායකයා අපට ඕනෑ යැයි කියමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් ආධාරකරුවෝ පිරිසක් ද පොල් ගැසූහ.