(ඩී.ජී.සුගතපාල, අහංගම සුමතිපාල දියගහගේ,ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා සහ එම්.සුසිල් ප්‍රියන්ත)
ගෑස් ලබා දෙන්නැයි ඉල්ලා ගාල්ල නගරයේ, වලහන්දූවේ සහ අහුන්ගල්ලේ දී මාර්ග හරස් අවහිර කරමින් ඊයේ (11) පෙරවරුවේ විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
මේ හේතුවෙන් කොළඹ - මාතර මාර්ගයේ , උඩුගම - ගාල්ල මාර්ගයේ සහ ගාල්ල කොළඹ මාර්ගය අහුංගල්ලෙන් අවහිර කිරීම නිසා දැඩි වාහන තදබදයක් එල්ල වූ අතර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය පියවර ගත්තේය.
මේ හේතුවෙන් ගාල්ල නගර, අහුංගල්ල සහ උඩුගම ජයන්ති හන්දිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් පැවැතියේය.
(ඡායාරූප කරාපිටිය ප්‍රේමතිලක ද සිල්වා)