(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා පැවසීය.
උදෑසන 7.00 ට ඡන්දය ආරම්භ කරන අවස්ථාවේ සිට මාතර නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවක් හට ගැනීම හේතුවෙන් යම් අඩුවක් පැවතිය ද වැසි සහිත කාලගූණය පහව යාමත් සමග ඡන්දදායකයින් වැඩි වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීමට පටන් ගත්තේය.
මාතර දිස්ත්‍රික්කයේ බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැති බවද නිදහස්ව හා සාමකාමීව ඡන්ද කටයුතු සිදු කෙරෙන බවත් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා වැඩිදුරටත කීවේය.