(මහේෂ් කිර්තිරත්න)
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
පසුගිය රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත් වු රෝහණ දිසානායක සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් යන මහත්වරුන් මෙසේ පරාජයට පත්වු අතර ඔවුන් නව ප්‍රජාතත්න්‍රවාදි පෙරමුණෙන් තරග කළහ.
පසුගිය යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ද මෙවර පරාජයට පත් විය.
හිටපු කැබිනට් අමාත්යවරයකෙු වන නන්ද්රිමිත්ර ඒකනායක මහතාද මෙවර මහ මැතිවරණය සදහා ප්‍රජාතත්න්‍රවාදි එක්සත් හඩ පක්ෂය නියෝජනය කරමින් තරග වැදිණු අතර ඔහුද පරජායට පත් විය.
හිටපු කැබිනට්අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ යන මහත්වරුන් මෙවර මහ මැතිවරණය සදහා තරග නොවැදුණි.