මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති



(ඔගස්ටින් ප්‍රනාන්දු)

මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති  සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ.

අක්කර දහසකට ආසන්න කුඹුරු යායක, කන්න දෙකෙහි ම වගා කිරීමට අවශ්‍ය ජලය රඳවා තබා ගත හැකි මෙම වැවෙහි දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ශාක වැවී ජල මාර්ග පද්ධති අවහිර වී තිබේ.

ඒවා ඉවත් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමුත් විසඳුමක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව ඔවුහු පැවසූහ.

මෙයට වසර කිහිපයකට පෙර වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම වැවේ සැල්විනියා, ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීම  සඳහා මුදල් වෙන් කර එම කටයුතු ආරම්භ කළත්, අතරමගදී එය නතර වූ බවද ගම්වාසීහු කියාසිටියහ.

ගමේ ජනතාවගෙන් මුදල් රැස් කර වැව පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙලෙසින්  ඉවත් කරන ජලජ ශාඛ පොල් වතුවලට පෝර වශයෙන් යොදාගැනීම සඳහා අලෙවි කරනු ඇත.