මාදුරුඔය ගොවියෝ කුඹුරු දෙස බලා හූල්ලති


(නිමල් ජයරත්න)

මාදුරුඔය ජලාශය යටතේ යළ මහ දෙකන්නෙයේ වගා කරන අක්කර 60,000ක ගොයමට කාබනික පොහොර යෙදුව ද ඒවායේ වැඩීමක් සිදු නොවන බව ගොවීහු චෝදනා කරති.

පැළ ගොයම කහ පාට වී ඇති බවත ද  ගොවීහු පවසති.

පොලොන්නරුවේ ඇතැම් ස්ථානවල යූරියා පොහොර මිටියක මිල රුපියල් 10,000 සිට 13,000 අතර මිලකට අලෙවි වන බවත් ඇතැම් ගොවීන් තමන්ට හැකි ප්‍රමාණයට යූරියා ලබාගෙන කාබනික පොහොර සමග කලවම් කර තම වගාවන් සාර්ථක කරගැනීමට උත්සහ දරන අයුරු එහි කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය.