මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින්


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය කිරිම නිසා එම පුද්ගලයා මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.

ඊයේ(30)  රාත්‍රි මෙම පුද්ගලයා  පාරේ වැටි සිටියදි මෝටර් රථයක් ඔහුගේ ඇඟ මතින් ධාවනය කර ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව එම පුද්ගලයා 1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යැවිමට කටයුතු කර ඇත.

එහෙත් ඒවනවිටත් ඔහු මියගොස් සිට ඇති බවත් මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවි නොමැති බවත් රෝහල් ප්‍රකාහකයෙකු පැවසිය.