මාලදිවයින් විදෙස් ඇමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 

තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහිඩ් මහතා සහ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අද  (05) පැවැත්විණ.
 
එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අබ්දුල්ලා ෂහිඩ් අමාත්‍යවරයාව සුහදව පිළිගත්තේය.  අමාත්‍යාංශ ලේකම් රවිනාත ආර්යසිංහ, ලංකාවේ මාලදිවයින් තානාපති  ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුද  මේ අවස්ථාවට එක්ව සිටියහ.