මාලදිවයිනේ ජනාධිපතිවරයා ලංකාවට


 

 

(ලහිරු හර්ෂණ)
 
 මාල දිවයිනේ  ජනාධිපති ඊබ්‍රහම් මොහොමඩ් සෝලී මහතා අද (03)  ශ්‍රී ලංකාවට පැමිණියේය.
 
 71 වැනි ජාතික  නිදහස් දිනයේ  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරයා අද  11.20 ට පමණ   කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේය.
 
එහිදී  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු  මැති ඇමැතිවරු කිහිපදෙන‍ෙක්  මාලදිවයින් ජනාධිපතිවරයා ඉතා ගෞරවාන්විතව පිළිගත්හ.