(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ මාස දෙකක් පමණ වයැසැති පිරිමි දරුවකු බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාට ලබා දුන් තොරතුරකට අනුව මහ පාර අයිනේ හඬමින් සිටි කිරිකැටියා වහා රෝහල් ගතකර ඇත.
අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි රේණුකා මහත්මිය ඇතුලු පොලිස් කාන්තාවන් පිරිසක් මෙම සිඟිත්තා බළපිටිය රෝහලට රැගෙන ගියාය.
සිගිත්තාගේ සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් බව බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් කීවේය.