(ටී.කේ.ජී.කපිල )
රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා , කේරළ ගංජා තොගයක් , මාළු ප්‍රවාහනය කරන අධිශීතකරණ ලොරියක සඟවා ගෙන ප්‍රවාහනය කරමින් සිටියදී , ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ දුන්ගාල්පිටිය පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී , අද(09 ) න මීගමුව පිටිපන ලෙල්ලම අසළ දී අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ධීවර බෝට්ටු මගින් , මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය , පැකැට් 91 ලෙස සකස් කර , ඒවා ගෝනි 05 අසුරා , පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 200 ක් එහි තිබී ඇත.
ඒ සමඟම මන්නාරම ප්‍රදේශයේ පදිංච් 35 හැවිරිදි එම ලොරි රථයේ රියැදුරු සහ 42 හැවිරිදි ලොරි රථයේ සහායකවරයා ද අත් අඩංගුවට ගෙන තිබේ .