මැතිඳුනි අහවරයි ඔබ පැවරූව සේවේ


මෙහෙවර පිණිස ගොස් උත්තම      දළදාවේ

නිමකර මිහිර විඳ සුමියුරු              තේවාවේ

විසිතුරු නරඹමිනි මඟ ආපසු          ආවේ

මැතිඳුනි අහවරයි ඔබ පැවරුව        සේවේ

(ආරියසේන හඳුවල)

( තිලකරත්න දිසානායක)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීමෙන් කටයුතු අවසන් කිරීමෙන් පසු  නැදුන්ගමුව රාජා හස්තියා තම හාම්පුතාගේ  ගම්පහ, නැදුන්ගමුව නිවස වෙත පැමිණියාය.

පුරා දින 11 මඟ ගෙවා මහනුවර සිට ගම්පහ නැඳුන්ගමුව නිවෙසට පැමිණ රාජා තම හාම්පුතා වූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්ම විජය මහතා හමුවට ගොස් තම රාජකාරිය අවසන් කර පැමිණි බව මේ ආකාරයෙන් දැනුම් දුන්නේය.