මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දින සිට ඉදිරි දින 60 ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනුකමිටුව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට නියමිතය

2023 අංක තුන දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ  අනුකමිටුව පිහිටුවනු  ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි