මැතිවරණ රාජකාරියට ආ නිලධාරියා හදිසියේ මරුට


(  ප්‍රියාණි මංගලිකා  සහ නිමල් ප්‍රේමචන්ද්‍ර . )

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ   ප්‍රදේශයේ  ඡන්ද  මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා  පැමිණි  නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන   වැසිකිලියක්  තුල මිය ගොස් සිටියදී  අද(14) සොයා ගෙන ඇති බව කොබෙයිගනේ  පොලීසිය පවසයි . 

කොබෙයිගනේ  පොලිස් වසමේ පිහිටි  අංක 54 ,පන්නව  මුස්ලිම් මහා විද්‍යාලීීය ඡන්ද මධ්‍යස්ථානයේ ,මැතිවරණ රාජකාරි සඳහා  පෙරදින  පැමිණි නිලධාරයෙකු   මෙලෙස  වැසිකිලියක් තුල මියගොස්  ඇති බවද පොලීසිය පවසයි .

 මෙලස මිය  ගොස් සිටියේ ,කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි , පොල්ගහවෙල  කෘෂි පර්යේෂණ නිශ්පාදන සහකාර  නිලධාරීයෙකු ලෙස රාජකාරි  කරන ,  පනස්  හත්  වියැති ඒ.එම්.අසීම්  නැමති එක් දරු පියෙකු බවද ,පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි  බවද පොලීසිය සඳහන් කරයි .