මැදපෙරදිග ශ්‍රමිකයින් ගෙන්වා ගන්නැයි ඉල්ලති


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 

ලෝකයේ විවිධ රටවල මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සහ අනෙකුත්  ගැටළු වලට මැදිවී සිටින ශ්‍රමිකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයට බලකර සිටීමේ නිහඬ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද  (19) පැවැත්විණ.

ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඇතුළු එම එකමුතුවේ සාමාජිකාවන් රැසක් ද , මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ පවුලේ ඥාතීන් ද  සහභාගී වුහ.