මැදිරිගිරියේ වගුරුබිමක එරී සිටි අලියෙකු ගොඩගනී


(ක.ග.කරුණාරත්න)
 
මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, මලල්ආරු ප‍්‍රදේශයේ පිහිටි වගුරු බිමක එරී දින ගණනාවක් නිරාහාරව සිටි අලියෙකු එම ස්ථානයෙන් ගොඩට ගෙන ප‍්‍රතිකාර ලබාදුන් බව වන ජීවී නිලධාරීහු පැවසූහ.
 
මේ අලියාට වයස අවුරුදු 12ක පමණ වන බවත්, දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් දුර්වල තත්වයේ පසුවන බවද වන ජීවී පශු වෛද්‍ය නිලධාරීහු කීහ.
 
මඩේ එරී සිටි අලියා ගොඩට ගැනීමට පැය 5 කට වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයකින් නටයුතු කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.
 
සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමීර කළිඟුආරච්චි මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් අලියාට ප්‍රතිකාර කළහ.