මිත්තනියයි - මිණිබිරිය දොලේ ගසා ගෙන යති


(රංජිත් රාජපක්ෂ)

පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක (60) සහ මිණිබිරියක (05) සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි.

ලක්ෂපාන පොල්පිටිය ඉහළ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසලින් ඇළ මාර්ය තරණය කිරිමට යාමේදි දෙදෙනාම ඇළට වැටී සැඩ පහරට  ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 

මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබි හමු වු බවත්,අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඇළ මාර්ගයේ තිබි හමු වු මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බව පොල්පිටිය පොලිසිය පැවසිය.