(වසන්ත චන්ද්‍රපාල)
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වන දින ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද සටන් ප්‍රදේශයේ දී පැවැත්විණි.
කර්නල් රවින්දා අහලවට් ගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි ඉන්දීය යුධ හමුදාවේ භට පිරිස් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් ප්‍රතිත්‍රස්ත යුධ සටන් පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කරගැනිමට මෙම අභ්‍යාසයේ දී සිදුවිය.
මෙරටට පැමිණි දින සිට යුද අභ්‍යාසය අදාළ ක්‍රියාකාරකම්වල නිරත වු ඉන්දු - ශ්‍රී ලංකා හමුදා භට පිරිස් මෙහිදි තම දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදුකරගත් අතර එය දෙරට අතර ද්විපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කිරිමටද ඉවහල් විය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂරාජා, යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු ඉන්දිය හා ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වු අතර අභ්‍යාසය අවසානයේ දෙරටේ භට පිරිස් පරිහරණය කරනු ලබන යුධ උපකරන ප්රදර්ශනයක්ද පවත්වන ලදී