මිදිගම මාළු ව්‍යාපාරිකයා ඝාතනයට අටක් සැකපිට


(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ගයාන් සූරියආරච්චි)

මිදිගම ගොවියාපාන ප්‍රදේශයේ දී මාලු ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කොට තවත් දෙදෙනකුට බලපතල තුවාල සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  අට දෙනකු  සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

එම වෙඩි තැබීමට උපයෝගී කර ගත් තුර්කියේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජීව උණ්ඩ 05 ක් ද ගිනිඅවිය ප්‍රවාහනය කිරීමට උපයෝගී කර ගත් ත්‍රී රෝද රථයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහු විසින් මත්කුඩු විකුණා ඩුබායි හී සැගවී සිටීන අපරාධකරුවකුගේ බැංකු ගිණුමට බැර කිරීමට ලග තබා ගෙන සිටි රුපියල් පහලොස් ලක්ෂ හතලිස් දෙදහසක මුදලක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

ඉකුත් සැප්තැම්බර් මස 19 වැනි දින සිදු කල මෙම අපරාධරට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනාම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ඒ සදහා යොදා ගත් ටී 56 වර්ගයේ ගිනි අවිය සොයා ගැනීම සදහා තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.