මියගිය අය සිහිකර කිංස්බරි හෝටලයේ පිංකමක්


පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දානමය පිංකමක් අද (28) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි.

එම දානමය පිංකම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි