මිලියන තුනක විදෙස් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීමේ ඉලක්කයක්


( තිළිණි ද සිල්වා )

මෙම වසර තුළදී මිලියන 3ක විදෙස් සංචාරකයින්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය යැයි  සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

 “විදේශ විනිමය ඉපයීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හරහා යැපෙනවා.

මේ වෙලාවේ අපි තමයි ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්නා. අපේ ඉලක්කය මේ වසර අවසානයේ දී අංක 2 ට පැමිණීම යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අවාසනාවන්ත විදියට පසුගිය වසරේ අවසාන මාස 3 දී දේශපාලන අර්බුදකාරීත්වයකට අපට මුහුණ දෙන්න වුණු නිසා අපිට අපේ ඉලක්කය කරා යන්න නොහැකි වුණා.කෙසේ වෙතත් මේ වසරේ දී අපේ අරමුණ සාර්ථක වේවි. මිලියන 3 ක සංචාරක ඉලක්කයක් සමඟින් 2019 වසර නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයිද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුයේය.