මී ඔය රක්ෂිතය ගිනි තබා වනසලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මී ඔය රක්ෂීතය තුළ තිබු දැවැන්ත ශාඛ කපා ගිනි තබා විනාශ කර ඇති බව ප්‍රදේශවාසිහු චෝදනා කරති.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ මී ඔය පාලම අසල ඇති මෙම රක්ෂීතය හිටපු සභාපතිවරයා විසින් පිරිසක් යොදවා යාන්ත්‍රික කියත් යොදා ගනිමින් කපා ගිනි තබා විනාශ කර ඇති බව ජනතාව චෝදනා කරති .

කෙසේ නමුත් මෙම රක්ෂීත සිමාවේ ගස් කිපයක් කපා දැමිම සම්බන්ධව වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මිට මාසයකට පෙර මෙම හිටපු සභාපතිවරයාට නඩුවක් පවරා එම හානියට දඩ මුදලක් පවා ගෙවිමට සිදුව තිබු පසුබිමක මෙම ස්ථානයේ නැවතත් මෙසේ විනාශ කිරීම බරපතල තත්වයක් බවට ජනතාව චෝදනා කරති.

මෙම රක්ෂීතය විනාශ කිරිමත් සමග වෙලේවැව ඇතුළු ගම්මාන රැසකට ජලය සැපයෙන ප්‍රජා මූල සංවිධාන ජලයේ ජල ටැංකියද මේ ස්ථානයේ තිබෙන අතර එයට යම් බලපෑමක් එල්ල විය හැකි බව ජනතාව චෝදනා කරති.

කෙසේ නමුත් සභාපතිවරයා මෙම රක්ෂීතව වැනසිමට පෙර පොල් ගෙඩියක් අයියනායක දෙවියන්ට උඩ තබමින් මෙම විනාශය සිදු කිරීම ද පුදුමය දනවති.

මේ සම්බන්ධන නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් හර්ෂණ ජයසිරි මහතාගෙන් කල විමසිමේදි සිටියේ මෙවැන්නකී.

“ මේ ස්ථානයේ අදාල අයට බලපත්‍රයක් ලබා දි තිබේනවා .නමුත් අපිට හැගෙන ආකාරයට එම සිමාවෙන් එහා ගිහින් තමා අදාල හානිය කර තිබේන්නේ .

මේ පිළිබදව පරික්ෂණයක් ආරම්භ වි තිබේනවා .ඒ පරික්ෂණය අවසන් වන තුරු කිසිදු කටයුත්තක් මෙම බලපත්‍ර ලාභියාට කිරීම සම්පුර්ණයෙන් නවතා දැමිමට කටයුතු කලා .

පිළිබදව චෝදනා එල්ලවන නවගත්තේගම හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.ආර්.එච්.එම්.තිලකරත්න මහතාගෙන් මෙසේ කීය.

“ මේ ස්ථානයේ මට රෑඩ් තුනකට බලපත්‍ර තිබේනවා ඒ නිසායි මම මේ ස්ථානය එළි පෙහෙලි කළේ .මී ඔය රක්ෂීතයට මම හානි කරලා නැහැ. කැලෑව ගිනි අරන් තිබේන්නේ මගේ ඉඩමට ගිනි තබද්දි ගනි පුපුරු ගිහින් .දැනට මෙහි වැඩ ප්‍රාදේශීය ලේකම් තුමා නවතා දමා තිබේනවා . පරික්ෂණයක් යන නිසා යැයි ඔහු පැවසිය.