මුං ගොවියාට හොඳ කලක්



(කාංචන කුමාර ආරියදාස)

ලංකා ඉතිහාසයේ පළමු වතාවට දේශීය මුං ඇට කිලෝවක් සඳහා  රුපියල් 760 ත් 780 ත් අතර ඉහල මිලකට ලබාගැනීමට මේ දිනවල හැකි වී ඇති බව දේශිය මුං ගොවීහු පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වගාකරුවන් ශක්තිමත් කිරීම සඳහා විදේශ රටවලින් මුං ඇට ගෙන්වීම නවතා දැමීම නිසා මුං වගාව බොහෝ ගොවීන් සිදුකළ බව දේශීය මුන් ගොවිහු කියති.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩි වශයෙන් මෙවර මුන් වගා කොට මේ දිනවල අස්වැන්න නෙලීම ආරම්භ කොට තිබේ.

විල්ගමුව ප්‍රදේශයේ මුං වගාකරුවෝ මේ දිනවල පවතින දැඩි අව් රශ්මියේ මුං ඇට පෑහීම වෙන්කර ගැනීම පිරිසුදු කර කරගැනීම ආදී කටයුතුවල නිරතවන අයුරු එහි ගිය අපට දැක ගැනීමටට හැකි විය.

ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ මුන් ගොවීන් කියා සිටින්නේ පසුගිය වසරවල මුංඇට සඳහා රුපියල් දෙසිය සිට රුපියල් 350 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කර ගැනීමට හැකියාව තිබුණු බව ය