මුතු පන්තිය ධීවරයන්ගේ අත මිට සරුවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුතුපන්තිය ධීවර ගම්මානයේ මාදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්‍ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි.

මුතුපන්තිය ධීවර  ගම්මානයෙ පදිංචි මාදැල් හිමිකරුවෙකුට මෙලෙස 7 හා 8 දිනවල ඔහුගේ මාදැලට මෙලෙස මෑත කාල් ලැබුන දැවන්තම වෙම්බරු පරව් මත්ස්‍යයින් තොගය ලැබි තිබේ.

එක් වෙම්බරු පරව් මත්ස්‍යයකු කිලෝ 6 කට අධික බවත් මාදැල ඇදිමට එක්වු පිරිසට අමතරව මුතුපන්තිය ගම්මානයෙ විශාල පිරිසක් ද මාදැලට කොටුව සිටි මත්ස්‍යයින් ට්‍රැක්ටර් වලට පැටවිමට එක්වි ඇති බව කියයි.

දින දෙකක ලැබි ඇති මෙම මත්ස්‍ය අස්වැන්න කිලෝ 50000 (පනස් දහසකට) අධික බවද කියයි එක් කිලෝවක් රුපියල් 700,හා 750 බැගින් අලේවි කර ඇති බවද කියයි.

කෙසේ වෙතත් මෙතරම් විශාල මත්ස්‍ය අස්වැන්නක් මෑත කාලයෙ මාදැලකට ලැබුන පලමු අවස්ථාව බව කියයි.

මෙම මාදැල් හිමිකරුට පසුගිය වසර වලද සැලකිය යුතු මත්ස්‍ය අස්වැන්නක් ලැබි ඇති බව කියයි.

මාදැලට කොටු වු මත්ස්‍යයින් ට්‍රැක්ටර් රථ 20 කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් උඩප්පුවට රැගෙන ගොස් අලේවි කල බවද කියයි.