මුතුරාජවෙල ගොඩකිරීමට එරෙහිව ජාඇළ දී විරෝධතාවක්


(ප්‍රසංග පෙරේරා සහ වත්තල සරත් චින්තක)

ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා  මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව සුරකිමු මුතුරාජවෙල සංවිධානය විසින් ජා-ඇල නගරයේ දී උද්ඝෝෂණයක් අද(14) පවත්වනූ ලැබීය.

උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස පවසා සිටියේ පෞද්ගලික සමාගම් කිහිපයක් එක්වී මෙම ගොඩකිරීම් සිදු කරන බවය. මුතුරාජවෙල ගොඩකිරීමේ කටයුතු සදහා රාජ්‍ය ආයතන කිහිපයකම සහයෝගය ද ලැබී තිබෙන බවද තවද වත්මන් රජය පරිසරය සුරකින බවට ජනතාවට ප්‍රතිඥා දී බලයට පැමිණියද අද පරිසරය විනාශය හමුවේ ආණ්ඩුව නිහඬ බවද රාජ්‍ය නිලධාරීන් මුතුරාජවෙල ගොඩකිරීම සදහා අවසර ලබා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත බවද ඔවුහු පැවසූහ.

විරෝධතාවය සදහා පොලිස් ආරක්ෂාව ද යොදා තිබිණි.

මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභාමන්ත්‍ර මහින්ද ජයසිංහ ඇතුළු ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.