මුන්නේශ්වරම් දේවාලයේ නිකිණි උලෙළෙහි දිය කැපීමේ මංගල්‍යය


(ඔගස්ටින් ප්‍රනාන්දු)           
 

මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිරුක්කල් බ්‍රහ්මචාරී එස්. පත්මනාභ පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 13) පැවැත්විණි.

අගෝස්තු මස 17 වන දින කප් සිටුවා ආරම්භ කළ මෙම දේව මංගල්‍යයේ ආගමික වතාවත් දින 28 ක් පුරා සිදුකෙරිණි.

මහ දේවාල ඉදිරිපසින් ඊශ්වර හා අම්මා දෙවියන්ගේ දේව ප්‍රතිමා රැගත් පෙරහර අද ( 13) හලාවත දැදුරු ඔය බලා ගමන් ගත් අතර එහිදී දිය කෑපීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

දිය කැපීමේ පෙරහර අද පස්වරුවේදී හලාවත නගරය ඔස්සේ මහ දේවාලය වෙත පැමිණීමට නියමිතය.