මුලතිව් කුරුඳුමලෙයි ස්ථූපයේ සංරක්ෂණ කටයුතු අරඹයි


(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් කුරුඳුමලෙයි නොහොත් කුරුන්ඳිමලෙයි පුරාවිද්‍යා ස්ථානයෙන් මතු වූ අනුරාධපුර පළමු යුගයන්ට අයත් පෞරාණික ස්ථූපයේ කැනීම් කටයුතු අවසන් වීමෙන් පසුව එහි සංරක්ෂණ කටයුතු නිල වශයෙන් ආගමික වතාවත් වලට අනුව ආරම්භ කරනු ලැබීය.

අඩි 20 ක පමණ උසින් යුතු මෙම ස්ථූපයේ කැනීම් කටුයුතු අවසන් වීමෙන් අනතුරුව එය සරක්ෂණය කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

අනුරාධපුර යුගයේ පළමු හා තෙවන සියවස් අතර කාලයේදී ඉදිවූවේ යැයි සැලකෙන මෙම පූජා භූමියේ පැරණි නටඹුන් කිහිපයක් පසුගිය 2020 වසරේ නොවැම්බර් මස 26 සහ 27 දිනයන්හි සොයාගැනීමට පුරාවිද්‍යා නිලධාරීන් සමත් වූ අතර අනතුරුව 2021 වසරේ ජනවාරී මස සිට එම ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදි.