මුස්ලිම් ජනතාව නිවෙස් වලට වී රාමසාන් සමරති


(ළහිරු හර්ෂණ)

මුස්ලිම් ජනතාව මාසක කාලයක් සිදුකරනු ලැබූ රාමසාන් උපවාස සමය අවසන් කර අද (24) රාමසාන් උත්සවය සමරනු ලැබූහ.

ඊයේ (23) සවස රාමසාන් උපවාස සමය අවසන් කෙරිණි.

ලෝකය පුරා ව්‍යාප්තව පවතින කොවිඩ්  - 19 වසංගතය පාලනය කිරීම සඳහා නිවෙස්වල සිට රාමසාන් උත්සවය සමරන ලෙස රජය මෙන්ම සෞඛ්‍ය අංශ මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර මුස්ලිම් ජනතාව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව නිවෙස්වල රැඳී සිටිමින් එය ඉටුකරන ආකාරය දැකගන්නට ලැබුණි.

මුස්ලිම් ජනතාව පල්ලි වලට නොපැමිණීම හේතුවෙන් පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර පල්ලිවල රැඳී සිටිමින් එම පල්ලි පාලනය කරන පිරිස පමණක් යාච්ඤා කරමින් එම චාරිත්‍ර පල්ලි තුළදීම ඉටුකරනු ලැබීය.