මුසාවාදා ශික්ෂා පදය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුවේ උදවිය දවස ගානේ ඇවිත් කියන බොරු නිසා පාර්ලිමේන්තුවෙන් මුසාවාදා වේරමණී ශික්‍ෂා පදය ඉවත් කරන්නට සිදුවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකෙන් සල්ලි ගත්ත අයගේ ලැයිස්තුවකට මගේ නමත් ඈඳලා තිබුණා.ආණ්ඩු ගන්නකන් කියපු බොරු මෙතන ඇවිත් කියන්න එපා. මම දීපු කට උත්තර තියනවා.එම මුදල්  ගත්තේ නෑ  කියා පැහැදිලිව කියා තිබෙනවා.

කෝප් කමිටුව ඇතුලේ ෆුට් නෝට් ගහන වැඩේට මම සම්බන්ධ වුණේ නැහැ.ඒ වගේම ඒ අය ආරක්ෂා කරන්න අප කටයුතු කළේ නැහැ යනුවෙන්ද ජයසේකර මහතා කීය.