මුහුදට වැටී ධීවරයෙක් මරුට


(ඩී.ජී.සුගතපාල)

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ කුලිගොඩ වලව්වත්ත පදිංචි 32හැවිරිදි ධිිවරයෙකි.

ඔහු ඇතුලු ධිවරයින් හය දෙනෙකු ඉකුත් 12වනදින තරුෂි 07 යාත්‍රාවෙන්  මුහුදු ගොස් ඇති අතර  ඔහුගේ ඥාතියෙකු අද(19) වරාය පොලිසියට පැමිණ ඔහු මියගොස් ඇති බවට පැමිණිල්ලක් සටහන් කර ඇත.

පොලිසිය පැවසුවේ යාත්‍රාව මේ වනවිට මුහුදු සැතපුම් 261ක් දුර ඇත මුහුදේ තිබෙන අතර මළ සිරුර රැගෙන ගොඩබිම බලා යාත්‍රාකරමින් සිටින බවයි.