(සුමිත් පොතුපිටිය,රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එගොඩ උයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාළම අද රාත්‍රී කඩාවැටීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් මුළුමනින්ම අවහිර වූ බව පොලිසිය පවසයි.
මරදාන සිට ගාලු දෙසට ගමන් ගන්නා මාර්ගය මෙලෙස අවහිරව තිබේ.
පාළම කඩා වැටීමෙන් මගීන් කිසිවකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය මාර්ගය මතට සුන්බුන් පතිතවී තිබේ.
දුම්රිය මාර්ගයට පතිත වී ඇති සුන්බුන් ඉවත් කිරීමට දුම්රිය සේවකයන් කැදවා වීමට දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පාළම කඩාවැටීමත් සමගින් ප්‍රදේශයේ විදුලි බලය ඇනහිටියේය.
දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා මගීන් විකල්ප මාර්ගවලින් ගමන් පහසුව සලසා දිමට පොලිසිය කටයුතු කළේය.
ඡායාරූපය සුමිත් පොතුපිටිය
(ඡායාරූප : රේඛා තරංගනී ෆොන්සේකා)