මෙන්න ගුරු දෙවියෙක්


(කාංචන කුමාර ආරියදාස)

මුළු රටේම පාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇති මොහොතක මාර්ග ගත අධ්‍යාපන ක්‍රමවේදය ද ගුරු වෘත්තිය සමිති වල අයිතීන් වෙනුවෙන් නැවතී තිබෙන මොහොතකක කිසිදු වරප්‍රසාදයකින් තොරව  තම දරුවන් වෙනුවෙන් අකුරුකරවන ගුරුවරයකු විල්ගමුව හිඹිලයාකඩ ප්‍රාථමික පාසලෙදී අපට හමුවිය. 

මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා ඇති විල්ගමුව හිඹිලියාකඩ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවන් හය දෙනාට නොකඩවා අදටත් පාසලේ පන්තිය පවත්වාගෙන යන බව මවුපියෝ පවසති.

මෙම විද්‍යාලයේ සම්පූර්ණ දරුවන් ගණන 22කි. එයින් පස්වන ශ්‍රේණියේ එනම් මෙවර ශිෂ්ශත‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් හත් දෙනෙකි .එයින් හයදෙනෙක්  දිනපතා පාසල් පැමිණෙනෙති. පන්තිභාර ගුරු ගුරුවරයා බවට පත්ව ඇත්තේ පාසලේ සිට කිලෝ කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පදිංචිව සිටින වසන්ත ඒකනායක නම් වූ ගුරුවරයා ය.

තවම විද්‍යාලයේ දරුවන් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම් සඳහා මෙම ගුරුවරයා දැඩි කැප කැපකිරීමක් කරන බවත් මුළු ලංකාවේම පාසල් පද්ධතිය වසා දමා තිබෙන මොහොතක ගුරුවරුන් තම  වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය පවා නවතා ඇති මොහොතක වසන්ත ඒකනායක ගුරුවරයා කිසිඳු අයකිරීමකින් තොරව අඩුම තරමේ ආහාර වේල්ක හෝ ලබා නොගෙන තම පෞද්ගලික වියදමින් දුරු බැහැර ගෙවා දිනක් හැර දිනක් පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරන බව දරුවන්ගේ මවුපියෝ පවසති.