මෙරට මාර්ග ඉතිහාසයේ අලුත් පිටුවක් නොවැම්බරයේ


(ඩයනා උදයංගනී)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා වන කොටස ලබන නොවැම්බර් මාසයේදී විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම ‍මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් නිම වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මාර්ග කොටස විවෘත කිරීමට නියමිතව තිබුණේ ඉකුත් මැයි මාසයේ වුවත් යහපාලන රජය සමයේ ඉදිකිරීම් පමාවීම හේතුවෙන් එය නියමිත දිනට විවෘත කිරීමට නොහැකි වූ බව ද අමාත්‍යවරයා කී‍වේය.

මාර්ගයේ මෙම කොටස විවෘත කිරීමෙන් පසු ජනතාවට ඉතා ඉක්මනින් මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කිරීමට පහසුකම් ලැබෙන බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.