(අංජුල මහික වීරරත්න)
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති හමුවකදී චාල්ස් කැලනන් මහතා මේ බව කීය.
මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙන්ම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශ්ලේෂණය කරමින් අවශ්‍යතාවය පරිදි එම ව්‍යාපෘති කඩිනම් කිරීම, ඉදිරි සැලසුම් සකස් කිරීම වැනි කරුණු මූලික කර ගනිමින් මෙහි දී සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තම අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීම මෙරට ජනතාවට ගුණාත්මක,තත්ත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතිය වෙත ලබා දීම බවත්, එම කාර්ය සිදු කිරීමේ දී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවන බවත් කීය.
මෙරටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා නුදුරේ ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය