මෙහෙම ගියොත් අපි අඩු කරගත් ණය සහනත් රටට අහිමි වෙයි


 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව  පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළුතර දී ප්‍රශ්න කළේය.

උපයන විට ගෙවන බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද අමතක නැතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එක තැනක බදු අඩු කරන විට තව තැනක බදු පනවන්නට සිදුවන බව මොවුන් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

ලංකාවට ගෙවීමට ඇති විදේශ ණයෙන් සියයට විස්සක් තම රජය විසින් අඩු කර තිබෙන අතර  අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා එම සහනය රටට අහිමි වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජන හමුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.