(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් ක්‍රිකට් පාලකයන් මේ රටේ ක්‍රිකට් නැත්තටම නැති කරලා.ජාවාරමක් බවට පත්කරලා තිබෙන බව ඕනෑ කෙනෙක් පිළිගන්නවා.ඇමතිවරයාට එක් පෑන් පහරින් මේ දූෂිතයන් ගෙදර යවන්න පුළුවන්කම තියෙද්දි ඔහු නිහඬව ඉන්නේ ඇයි? දැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ ඇමතිටත් හැදිලා තියෙන්නේ පහුගිය ඇමතිවරුන්ට වැළඳුණු ලෙඩේමයි.රාජපක්ෂ කණ්ඩායමට ඔය දූෂිත කණ්ඩායම් සමග බැඳියාවන් තිබුණා.
ජාතික ජන බලවේගයට එහෙම බැඳියාවන් තියෙන්න විදිහක් නෑ .හැබැයි දැන් යම් බැඳියාවන් සමඟ හිරවී ඇති බව පේන්න තියෙනවා.
දැන් රැවුලයි කැඳයි දෙකම බේරගන්න වැඩසටහනකට යනවා වගේ යැයි විතානගේ මහතා කීය.